රිදී ඇල්ල අප විදුහල් මෑණී
කරනෙම් පා පිනිපා....//
ඇකයෙහි සිහිලයි සෙවණයි
අපට සදා ඔබ සරණයි
ඔබ රැකුණොත් දරු පිරිස රැකේ
රට දැය සමය රැකේ...//
ධීර වීර බල පා මුළු සිරිලක
පැරකුම් ගැමුණු විරුන්
ජීව දාන කළ සාර භූමියයි
මේ බිම පරම උතුම්
ඒ විරු බලය උදා - කරගනු
පිණිස සදා
අම්මේ ඔබ පද අසල දිවුට දෙති
මේ දරු පිරිස මෙදා...
රිදී ඇල්ල අප විදුහල් මෑණී
කරනෙම් පා පිනිපා...//