විදුහල්පති පණිවිඩය
රිදී ඇල්ල විද්‍යාලය

ර/නිවි/රිදී ඇල්ල විද්‍යාලය වන අප පාසල සබරගමුව පළාතේ , රත්නපුර දිස්ත්‍රික්කයේ , නිවිතිගල අධ්‍යාපන කලාපය තුළ උඩ දෙල්වල නම් අති සුන්දර ග්‍රාමයේ පිහිටා ඇති දීප්තිමත් පාසලකි.
විවිධ සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ දරු දැරියන් රාශියක් අප පාසල තුළින් සමාජයට දායාද කර ඇත.වර්තමානයේ ද ඒවැන් වූ අති දක්ෂ දරු පරපුරක් පාසල තුළ අධ්‍යාපනය ලබමින් සිටිති.
ඒ බව පසුගිය කාලයේ අප පාසල ලද ක්‍රීඩා , අධ්‍යාපන , සංගීත ජයග්‍රයණ මඟින් මනාව පිළිඹිබු වේ.
ඒවැනිම වූ දක්ෂතාවන්ගෙන් සමන්විත වූ දරු පරපුරක් විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය පාසල හා විවිධ පාර්ශ්වයන් අතර අදහස් හුවමාරුවේ දී විශිෂ්ඨ පිටිවහලක් වනු ඇත.
අප පාසල හා සම්බන්ධව කටයුතු කරන සියලු පාර්ශ්වයනට මෙම වෙබ් අඩවිය හා අත්වැල් බැඳ ගන්නා මෙන් ආරාධනය කර සිටිමි.
ඒමෙන්ම මෙම කර්තව්‍ය සඳහා ඇප කැප වී කටයුතු කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විෂය භාර ගුරු මහත්මිය ඇතුළු ඒම සිසු දරු දැරියන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා යි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමි...
විදුහල්පති,
රිදී ඇල්ල විද්‍යාලය